සත්ව සුභසාධන හා ආරක්ෂණ සංගමය
වෙත සාදරයෙන් පිළිගනිමු

වීදි ගලවාගැනීම් 500කට අධික සංඛ්‍යාවක් ඇති අපගේ නවාතැන් දෙකෙන් ඔබේ නව හොඳම මිතුරා සොයා ගන්න!

කරුණාවන්ත නිවසකට ලබා ගත හැකි මෙම ලස්සන බලු පැටවුන්ට නිවෙස් සොයා දීමට කරුණාකර අපට උදව් කරන්න.

ඔබට උදව් කළ හැකි ආකාරය

හදා වඩා ගැනීම :

සුනඛයෙකුට හෝ බළලෙකුට අනුග්‍රහය දක්වන්න

සම්බන්ධ වන්න

AWPA නිවාසවල වැඩුණු සෑම බලු පැටියෙක්ම, පූස් පැටියෙක්ම හදා වඩා ගැනීම සඳහා සූදානම් ව ඇත. අපගේ නවාතැන් වල සිටින සතුන් හදා වඩා ගැනීමෙන් වීදි වල සිටින තවත් සතුන් රැගෙන ඒමට ඉඩ නිදහස් කරන බැවින් ඔබ අපට විශාල සේවාවක් කරනු ඇත.

පළමුව, අපි අනාගත හිමිකරු සමඟ කතා කර, ඔවුන් විසින් තෝරා ගන්නා ලද සුනකයෙකු හෝ බළලෙකු ඔවුන්ට ගැලපෙන්නේ දැයි තක්සේරු කරන අතර, ඇතැම් විට ඔවුන්ගේ නිවසට ගොස් එහි වටපිටාවේ යෝග්‍යතාවය තක්සේරු කිරීමෙන් පසුව එම සත්වයා බාරදීම සිදු විය හැකිය. අනාගත හිමිකරු සහ හදා වඩා ගැනීමට සුදානම්ව සිටින බළලුන්, සුනඛයින්, බලු පැටවුන් සහ පූස් පැටවුන් අතර පරිපූර්ණ ගැළපීමක් ඇතැයි සොයාගත් පසු, අපි හදා වඩා ගැනීමට දීම සමඟ ඉදිරියට යන්නෙමු. අපගේ සේවාවන් සඳහා කිසිදු ගාස්තුවක් අය නොකරණ අතර, ස්වේච්ඡාවෙන් ලබා දෙන පරිත්‍යාග සැමවිටම අපි සාදරයෙන් පිළිගන්නෙමු . 

ඔබ සතුන්ට ආදරය කරන පුද්ගලයෙක් වුවත්, අසනීප තත්වයක් නිසා හෝ නිවසේ සුරතල් සතෙකු ඇති දැඩි කිරීමට කැප කිරීමට ප්‍රමාණවත් ශක්තියක් නොමැති පුද්ගලයෙක්, හෝ මහල් නිවාසයකට ගිය දා සිට තවදුරටත් සුරතල්  සතෙකු ඇති කිරීමට නොහැකිද ?

එසේනම්, සුරතල්  සතෙකු ඇති කිරීම වෙනුවෙන් ඇති හොඳම විකල්පය නම්, ඇති කිරීමට නොගත් අපගේ නවාතැනේ ජීවත් වන සත්වයෙකුට අනුග්‍රහය දැක්වීමයි.

ඔබ වීදි සතුන් පෝෂණය කරන්නේ නම්, එම සතුන් සැත්කම් මගින් බෝ වීම් වැළැක්වීම ට සහ එන්නත් කිරීමට කරුණාකර කටයුතු කරන්න. ඔබේ ප්‍රදේශයේ වීදි සතුන් පෝෂණය කරන පිරිසක් සිටී නම්, සාමූහික ප්‍රයත්නයකින් වඩා හොඳ ප්‍රතිඵල ලැබේ.

මේ ආකාරයෙන්, ප්‍රදේශයේ සත්ව ගහනය පාලනය කරන අතරම, සෞඛ්‍ය සම්පන්න, ජලභීතිකා රෝගයෙන් තොර සතුන්ට මිනිසුන් සමඟ සහජීවනය සඳහා හිතකර පරිසරයක් සලසා දෙනු ඇත. මෙම වන්ධ්‍යාකරණ සඳහා පශු වෛද්‍ය  ගාස්තු වලට අපට උදව් කළ හැකිය.

සතිපතා සකසුරුවම් සාප්පුව

එකතු කරන සියලුම මුදල් AWPA නවාතැන් වල සිටින සතුන්ට (සුනඛයන් සහ බළලුන්) උපකාර කිරීමට යයි. ඉතින්, මෙහි සාප්පු සවාරි යාමෙන්, ඔබ සත්ව සුභසාධනයට සහාය වේ.

පිවිසෙන්න:

60/2 පාර්ක් වීදිය, කොළඹ 2

සිට:

පෙ.ව. 10:00 සිට ප.ව. 1:00 දක්වා

අමතන්න

077 656 5181

දැන්ම පිවිසෙන්න

කේවල් සඳහා :

ඇඳුම්
පොත්
සපත්තු
පිඟන් භාණ්ඩ
වීදුරු භාණ්ඩ
ගෘහ භාණ්ඩ
ඇඳුම් ආභරණ
උපාංග
සිතුවම්

විවෘතයි!

බදාදා
දිනවල පමණි

සත්ව සුභසාධන හා ආරක්ෂණ සංගමය

AWPA යනු ලාභ නොලබන පදනමක් මත නිදැල්ලේ  යන, අතහැර දමා ඇති සහ සිංසනයට ලක් වූ සුනඛයන් සහ බළලුන් රැකබලා ගැනීමට කැපවී සිටින ශ්‍රී ලංකාවේ ලියාපදිංචි පුණ්‍යායතන සංගමයකි. AWPA පාලනය කරනු ලබන්නේ කිසිදු ගෙවීමක් නොමැතිව ස්වේච්ඡා සේවකයන් ලෙස දායක වන සහ ඔවුන්ගේ පුද්ගලික සහ වෘත්තීය කැපවීම් මධ්‍යයේ ඔවුන්ගේ නිදහස් කාලය තුළ සංවිධානයට සහාය වන සාමාජිකයින්ගේ කමිටුවක් මගිනි. අපි රට පුරා වන්ධ්‍යාකරණ වැඩසටහන් පැවැත්වීම, මෙම වීදි සුනඛයන් සහ බළලුන් බේරා ගැනීම සහ නවාතැන් ලබා දීම, සහ නැවත නිවෙස් සොයා දීම වැනි වැදගත් සේවාවක් ඉටු කරන්නෙමු.

අපගේ මූලික ඉලක්කය වන්නේ මෙම සුනඛයන් සහ බළලුන් සඳහා වගකිවයුතු, සදාකාලික නිවාස සොයා ගැනීමයි. අපගේ මූලික ප්‍රතිපත්තිය වන්නේ  වීදි වල සංචාරය කරන සුනඛයන් සහ බළලුන්ගේ ජනගහනය අවම කිරීම සඳහා ඇති එකම මානුෂීය විසඳුම සැත්කම් මගින් බෝ වීම් වැළැක්වීම  බවයි. ස්වේච්ඡා සේවකයන් සහ පරිත්‍යාග සඳහා අපි මහජනතාවගේ ත්‍යාගශීලීභාවය සහ සත්ව ලෝලීන්ගේ කරුණාව මත රඳා සිටිමු.

අප ලියාපදිංචි පුණ්‍යායතනයක් වන බැවින් සියලුම පරිත්‍යාග සඳහා රිසිට්පතක් ලබා දෙන අතර අපගේ ගිණුම් වාර්ෂිකව විගණනය කර අපගේ සාමාජිකයින් අතර බෙදා හරිනු ලැබේ.

අපගේ Instagram වෙත පිවිස යාවත්කාලිනවන්න

නවතම පුවත්

Scroll to Top