සතුන්ගේ සුභසාධන හා ආරක්ෂණ සංගමය (AWPA) 1963 දී සමාගම් ආඥාපනත යටතේ පිහිටුවා ලියාපදිංචි කරන ලද්දේ, ශ්‍රී ලංකාව තුළ නිදැල්ලේ සැරිසරන සතුන්ට අත්වන දුක්ඛිත තත්වයන් ගැන සැලකිලිමත් වන සත්ව ලෝලීන් කණ්ඩායමක් විසිනි. ඉන් අනතුරුව, 1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන පනත යටතේ සංගමය ස්වේච්ඡා සංවිධානයක් ලෙස සහතික කරන ලදී.
